සිනා අරන් නුඹ එනකොට
සතුටු කිරුළු ලැබුවා මම...
සතුට අරන් නුඹ එනකොට
සිහින ඉමක රැඳුනා මම.......
සිහින අරන් නුඹ යනකොට
කඳුළු කවක් ලියුවා මම.......
Thursday, July 29, 2010
මගේ බඹරුනි............
මලක් වෙලා පිපෙන්න මo
බඹරෙකු වී ඔබ එනවද...........
මල නොතලා රොන් ගන්නට...
මලේ සුවඳ විඳ ගන්නට
මලේ සියුම් සියුමැලි පෙති
සෙනේ දියෙන් දෝවන්නට..........
බඹරෙකු වී ඔබ එනවද...........
මල නොතලා රොන් ගන්නට...
මලේ සුවඳ විඳ ගන්නට
මලේ සියුම් සියුමැලි පෙති
සෙනේ දියෙන් දෝවන්නට..........
ඔබ ළඟ......
සිත ගාව දැවටෙන්න
නෙතු ගාව සැරසෙන්න
හද ගාව පිබිදෙන්න
අවසරක් නැති හැඩයි
ඔබ ගාව ළඟ ඉන්න
නෙතු දෑල සිපගන්න
මුව ගාව පැටලෙන්න
මo පෙරුම් දම් පුරයි...
නෙතු ගාව සැරසෙන්න
හද ගාව පිබිදෙන්න
අවසරක් නැති හැඩයි
ඔබ ගාව ළඟ ඉන්න
නෙතු දෑල සිපගන්න
මුව ගාව පැටලෙන්න
මo පෙරුම් දම් පුරයි...
Thursday, July 22, 2010
ඔබ එන්න...
සිහිනයෙන් ඔබ එන්න
සේපාලිකා අරන්
හද පුදසුනේ පුදදෙන්න
සෙනේ දෝතට අරන්
හඳ එළියෙ නෑවෙන්න
මල් සුවඳෙ දැවටෙන්න
සිහිනයම සරසන්න
ඔබ එන්න...........
සේපාලිකා අරන්
හද පුදසුනේ පුදදෙන්න
සෙනේ දෝතට අරන්
හඳ එළියෙ නෑවෙන්න
මල් සුවඳෙ දැවටෙන්න
සිහිනයම සරසන්න
ඔබ එන්න...........
මගේ ලොව
සිනා වරම් නැත
සතුටු වරම් නැත
කඳුළු උරුම වුණු මගේ ලෝකේ....
මවක සෙනේ නැත
පියෙකුද හිමි නැත
සිනා කිරුළු ඔහෙ පාව ගියාවේ...
විඩා දෙනෙත් තුළ
සදා රැඳෙන්නට
කුඩා කඳුළු මුතු ඇට සැදුනාවේ...
අඳුරු මතක තුළ
පාළු සොහොන තුළ
මගේ ලොවේ මා මියෑදුනාවේ.......
සතුටු වරම් නැත
කඳුළු උරුම වුණු මගේ ලෝකේ....
මවක සෙනේ නැත
පියෙකුද හිමි නැත
සිනා කිරුළු ඔහෙ පාව ගියාවේ...
විඩා දෙනෙත් තුළ
සදා රැඳෙන්නට
කුඩා කඳුළු මුතු ඇට සැදුනාවේ...
අඳුරු මතක තුළ
පාළු සොහොන තුළ
මගේ ලොවේ මා මියෑදුනාවේ.......
Wednesday, July 14, 2010
ඔබ මගේ සිහිනයයි...
නිල් නුවන් පුරා
සොඳ සිහිනයක් සුරoගනා
කුමාරයෙක් ඈවිත් කියාවි
ආදරෙයි කුමාරිකා
රන් කොදෙව්වේ සතපවාලා
ඔබේ මුවේ රැඳෙන්නෙමී
වලාකූලින් යහන් තනාලා
ඔබේ ගතේ වෙලෙන්නෙමී
හදේ කොනේ නවාතැනේ
ලැගුම් හලක් තනන්නෙමී
සන්සාරෙ නේක වාරෙහී
ඔබත් සමග සරන්නෙමී.....
සොඳ සිහිනයක් සුරoගනා
කුමාරයෙක් ඈවිත් කියාවි
ආදරෙයි කුමාරිකා
රන් කොදෙව්වේ සතපවාලා
ඔබේ මුවේ රැඳෙන්නෙමී
වලාකූලින් යහන් තනාලා
ඔබේ ගතේ වෙලෙන්නෙමී
හදේ කොනේ නවාතැනේ
ලැගුම් හලක් තනන්නෙමී
සන්සාරෙ නේක වාරෙහී
ඔබත් සමග සරන්නෙමී.....
Tuesday, July 13, 2010
දේදුන්න..
සප්ත වර්ණයෙන්
සිත්තම් වූ
දේදුන්නක් නම් ජීවිතේ
දේදුන්නට පැහැ එක් කරනා
ලා හිරු එළිය ඔබයි
ඒ හිරු එළියෙන්
සිත්තම් මවනා
හිරි පොද බිoදු මමයි
සිත්තම් වූ
දේදුන්නක් නම් ජීවිතේ
දේදුන්නට පැහැ එක් කරනා
ලා හිරු එළිය ඔබයි
ඒ හිරු එළියෙන්
සිත්තම් මවනා
හිරි පොද බිoදු මමයි
Monday, July 12, 2010
හැරදා ගිය ඔබට.....
හීනෙන්වත් දොඩමලු වෙන්න..
මේ නිශාවෙවත් ඔබ එන්න..
අලු දූලි වෙලා ගිය
බලපොරොත්තු ඇහිඳින්න..
පරවෙන්න යන මලට......
හැකිනම්...
දිය බිඳක් ඉහින්න.......
මේ නිශාවෙවත් ඔබ එන්න..
අලු දූලි වෙලා ගිය
බලපොරොත්තු ඇහිඳින්න..
පරවෙන්න යන මලට......
හැකිනම්...
දිය බිඳක් ඉහින්න.......
Subscribe to:
Comments (Atom)