වසන්තයේ ඉම...
Sunday, August 22, 2010
මල් මිටක්...
හිනාමල් මිටක් දෙන්නද
තුරුළු කරන් නිදා ගන්න...
සෙනේ සුවඳ පතුරවන්න....
යහන් ගැබම සරසවන්න.......
Sunday, August 15, 2010
ඔබේ මතකයේ අතරමo වීමි....
දෙනෝදහක් මැද
විසල් නගරයේ
ඔබේ සිනා මුව සොයමී..
නිමේෂයක් නෙතු
වලින් කතා කළ
සෙනේ පිරූ තැන් දකිමී..
අතීතයේ තැබු
පියසටහන් වල
මoපෙත් සලකුණු දුටිමී..
ඔබේ තෙපුල් වල
මගේ සිනා වල
සදා මතක තුළ රැඳෙමී.....
Thursday, July 29, 2010
කඳුළු කව....
සිනා අරන් නුඹ එනකොට
සතුටු කිරුළු ලැබුවා මම...
සතුට අරන් නුඹ එනකොට
සිහින ඉමක රැඳුනා මම.......
සිහින අරන් නුඹ යනකොට
කඳුළු කවක් ලියුවා මම.......
මගේ බඹරුනි............
මලක් වෙලා පිපෙන්න මo
බඹරෙකු වී ඔබ එනවද...........
මල නොතලා රොන් ගන්නට...
මලේ සුවඳ විඳ ගන්නට
මලේ සියුම් සියුමැලි පෙති
සෙනේ දියෙන් දෝවන්නට..........
ඔබ ළඟ......
සිත ගාව දැවටෙන්න
නෙතු ගාව සැරසෙන්න
හද ගාව පිබිදෙන්න
අවසරක් නැති හැඩයි
ඔබ ගාව ළඟ ඉන්න
නෙතු දෑල සිපගන්න
මුව ගාව පැටලෙන්න
මo පෙරුම් දම් පුරයි...
Thursday, July 22, 2010
ඔබ එන්න...
සිහිනයෙන් ඔබ එන්න
සේපාලිකා අරන්
හද පුදසුනේ පුදදෙන්න
සෙනේ දෝතට අරන්
හඳ එළියෙ නෑවෙන්න
මල් සුවඳෙ දැවටෙන්න
සිහිනයම සරසන්න
ඔබ එන්න...........
මගේ ලොව
සිනා වරම් නැත
සතුටු වරම් නැත
කඳුළු උරුම වුණු මගේ ලෝකේ....
මවක සෙනේ නැත
පියෙකුද හිමි නැත
සිනා කිරුළු ඔහෙ පාව ගියාවේ...
විඩා දෙනෙත් තුළ
සදා රැඳෙන්නට
කුඩා කඳුළු මුතු ඇට සැදුනාවේ...
අඳුරු මතක තුළ
පාළු සොහොන තුළ
මගේ ලොවේ මා මියෑදුනාවේ.......
Older Posts
Home
Subscribe to:
Comments (Atom)